Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට වෙඩි! අයෙක් පළා යයි!

1 year ago

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයකට මාතර වැල්ලමඩම ප්‍රදේශයේ මාර්ග බාධකයක සිටි පොලිස් නිලධාරීන් විසින් වෙඩිතබා තිබේ.

පොලීසිය පැවසුවේ, පොලිස් නිලධාරීන් අදාළ මෝටර් රථය නවත්වන ලෙස සංඥා කර ඇති බවය.

නමුත් එම මෝටර් රථය අණ නොතකා ධාවනය කර තිබේ.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථයට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කර තිබෙන අතර නොනවත්වා ධාවනය වු මෝටර් රථය පසුව මාතර ජනරාජ මාවතේ අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලීසිය පැවසුවේය.

පුද්ගලයින් දෙදෙනෙකු එම අවස්ථාවේ මෝටර් රථයේ ගමන් කර ඇති අතර පසුව ඔවුන් පලාගොස් තිබේ.

මෝටර් රථයේ හිමිකරු හඳුනාගෙන ඇති බව සඳහන්ය.

පොලීසිය පැවසුවේ මේ සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවය.