Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ප්‍රවීණ ගායන ශිල්පිනිය චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

1 year ago

ප්‍රවීණ ගායන ශිල්පිනිය චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට, ඇය 82 වැනි වියේ පසුවිය.

චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය ශ්‍රී ලංකාවේ කලා ලෝකයට විශාල දායකත්වයක් සපයා ඇති තැනැත්තියකි. ඇය ප්‍රවීණ ගායන ශිල්පිණියක ලෙසත්, ගුවන් විදුලි හඩ කැවීම් ශිල්පිණියක ලෙසත්, වේදිකා නාට්‍ය ශිල්පිණියක ලෙසත් කටයුතු කර තිබේ.

“දැන් නිවාඩු කාලේ හින්දා නෑ ඉස්කෝලේ”, “මල් කෙල්ලක් මං”, “ලතා මඩුල්ලක් කථා කරනවා”, “අක්ක නගාලගෙ බොළඳ සිනා” වැනි ජනප්‍රිය ගීත රැසක් ඇය ගී ලොවට දායාද කර ඇත.