Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඉෂාරා සෙව්වන්දි රැගෙන ඒමට STF නිළධාරීන් දෙදෙනෙක් නේපාලයට

1 year ago

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් “ගණේමුල්ල සංජීව” ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් පස්දෙනා දිවයිනට රැගෙන ඒමට සහාය වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙදෙනෙකු නේපාලය බලා පිටත්ව ගොස් තිබේ.

මේ වන විට අත්අඩංගුවට ගත් සැකකරුවන් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු නේපාලයේ රැඳී සිටින අතර ඔවුන්ට සහාය වීම සඳහා මෙම නිලධාරීන් දෙදෙනා පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

නේපාල ආරක්ෂක අංශ සමග සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙස නේපාලයේ කත්මන්ඩු නුවර සිට කිලෝ මීටර් 18ක පමණ දුරින් වු නිවසක රැඳී සිටිය දී ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ඉෂාර සෙව්වන්දිගේ රුවට සමාන රුවකින් සමන්විත තවත් කාන්තාවක්ද සිටින බව සඳහන්.

ඉෂාරා ඇතුළු සැකකරුවන් පිරිස අද (15) දින දිවයිනට රැගෙන ඒමට නියමිතව බව පොලිස් ආරංචි මාර්ග පවසයි.