Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මනූෂ නානායක්කාරට අධිකරණයෙන් දුන් තීන්දුව

1 year ago

ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදු වු බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුට ගත් හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (15) නියෝග කළා.

ඒ සැකකාර අමාත්‍යවරයාට මිලියන 4 බැගින් ශරිර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් නියම කළා.

විදේශ ගමන් තහනම්ක් ද සැකකරුට අධිකරණයේ පනවනු ලැබුවා.

සාක්ෂිකරුවන්ට බලපෑම් නොකළ යුතු බවත් දැනුම් දුන් පසුව හඩ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබා දෙන ලෙසත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නියෝග කළා.

සිද්ධියට අදාළ සැකකාර අමාත්‍යවරයා අල්ලස් කොමිසම විසින් අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.