Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

වංචා සහගත NLB දිනුම් ඇදීමක් ගැන නිවේදනයක්

1 year ago

ජාතික ලොතරැයි මණ්ඩලය (NLB) විසින් නිකුත් කළ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අවවාදාත්මක නිවේදනයක් කරමින් ඔවුන් ඉල්ලා සිටින්නේ, ඔවුන්ගේ නිල වෙළෙඳ ලාංඡනය සහ ත්‍යාග ප්‍රදානෝත්සව අවස්ථා භාවිතා කරමින් වංචනික ලෙස ක්‍රියාත්මක වන ව්‍යාජ කැසිනෝ ව්‍යාපාර හා ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සමඟ කිසිදු ආකාරයක ගනුදෙනුවකට නොයන ලෙසයි.

NLB වැඩිදුරටත් සදහන් කරන්නේ, ජාතික ලොතරැයි මණ්ඩලයේ නිල ලොතරැයි දිනුම් ඇදීම සෑම දිනකම රාත්‍රී 9.30 ට ස්වාධීන රූපවාහිනිය (ITN) ඔස්සේ පමණක් විකාශය කරනු ලබන බවයි.

එම නිසා, සමාජ මාධ්‍ය මත පවතින වෙනත් ලොතරැයි ඇදීම්, ප්‍රචාරක වැඩසටහන් හෝ ත්‍යාග දැන්වීම් ව්‍යාජ බව මණ්ඩලය අවධාරණය කරයි.

එමෙන්ම, NLB ලාංඡනය හෝ ලොතරැයි නාමය භාවිතා කරමින් සිදු කරන ව්‍යාජ දිනුම් ඇදීම් හෝ සමාජ මාධ්‍ය ගිණුම් පිළිබඳව තොරතුරු ලැබුණුහොත්, ඒවා 011-4607000 යන දුරකථන අංකයට දැනුම් දෙන්නැයි මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.