Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

school children

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 6-9 ශ්‍රේණිවල ඉගෙනුම් ක්‍රියාවලියෙහි වෙනස්කම් රැසක්! උගන්වනු ලබන විෂයන් හා එක් එක් විෂයෙහි සම්භාර අගයන් මෙන්න!

1 year ago

ලබන වසරේ සිට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ දී 1 ශ්‍රේණියේ සහ 6 ශ්‍රේණියේ විෂය මාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරිම සඳහා වූ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා විසින් 1 හා 6 ශ්‍රේණිවල නව විෂය මාලා ක්‍රියාත්මක කිරීම සඳහා පාසල් සූදානම් කිරීමේ ක්‍රියාවලියට මාර්ගෝපදේශයක් ලෙස මෙම උපදෙස් නිකුත් කර ඇති බව වාර්තා වේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අදාළ පරිදි චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතව තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ කණිෂ්ට ද්විතීක අධ්‍යාපනය 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක වන අතර ලබන වසරේ සිට 6 ශ්‍රේණිය සදහා නව විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

කණිෂ්ඨ ද්වීතික මට්ටමේදී සියලු සිසුන් අනිවාර්යය විෂයන් 14ක් හැදැරීමට අවශ්‍ය වන අතර ක්‍රිඩා සමිති සමාගම් සඳහා සහභාගී වීමට ද සෑම දරුවෙකුටම අවකාශ ලබා දී තිබේ.

අනිවාර්යය විෂයන් 14 මොඩියුල මඟින් ඉගැන්විමට අපේක්ෂා කෙරෙන අතර විෂයන් අනුව වාරයකට ඉගෙනීමට අවශ්‍ය මොඩියුලර් සංඛයාව තීරණය වනු ඇත.

06 වන ශ්‍රේණියේ සිට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ජීවිතය සඳහා තාක්ෂණය සහ ව්‍යවසායකත්වය සහ මුල්‍ය සාක්ෂරතාව ලෙස නව විෂයන් තුනක් හඳුන්වාදීමට නියමිතය.

කණිෂ්ට ද්විතීක අංශයේ පාසල් පැවැත්වෙන කාලය පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා සිදුවනඅතර මිනිත්තු 50 බැගින් කාල පරිච්ඡේද 7ක් මෙහිදි හඳුන්වා දී තිබේ.

ලබන වසරේදී නව විෂය මාලා පාසල තුළ ක්‍රියාත්මත කිරීමට  මූලික ක්‍රියාවලිය ක්‍රියාත්මක කර ඇති අතර එය සාර්ථික කරගැනීම සඳහා පාසල් මට්ටමේ සිට ජාතික මට්ටමක දක්වා සියලු ආයතනවල මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමට කටයතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සිය උපදෙස් සංග්‍රහය මඟින් වැඩිදුරටත් දැනුම් දී ඇත.

නිකුත් කරන ලද උපදෙස් සංග්‍රහය