වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතන නඩුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රසිද්ධියේ ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් පොලිසිය විවේචනය කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපති සාලිය පීරිස් මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.
අත්අඩංගුවට ගැනීම් සහ අපරාධ පරීක්ෂණ නීතියෙන් ස්ථාපිත ක්‍රියා පටිපාටියට අනුව සිදු කළ යුතු බව ඔහු එහි සඳහන් කර තිබෙනවා.
එමෙන්ම සැකකරුවන් මාධ්‍ය ඉදිරියේ ප්‍රශ්නය කිරීම, ඔවුන් සිදු කරන ප්‍රකාශ සහ එම විඩියෝ ක්ලිප් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා බෙදා හැරීම මහජනතාව පිනවන නමුත් නඩු විභාගය ආරම්භ වූ පසු ඒවායින් පැමිණිල්ලට කිසිදු වාසියක් නොමැති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.
එවැනි බොළඳ ක්‍රියා මගින් පොලිසියේ කීර්තිනාමයට හානි වන බවත්, එමගින් විමර්ශකයන්ගේ වෘත්තීයභාවය පිලිබඳව ප්‍රශ්න පැන නගින අතර සමස්ත පද්ධතියටම අපකීර්තියක් ගෙන දෙන බව සාලිය පීරිස් මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ තබා තිබූ සටහන පහතින්.

