හෙදියන් රාජකාරියේදී හිජාබය පැළඳීමට අවසර දීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කළ ප්‍රකාශයත් සමඟ මතුව ඇති විවාදය, භික්ෂුන් වහන්සේලාගේ විරෝධතා සහ අදහස් හමුවේ උණුසුම් වී තිබෙනවා.
මුස්ලිම් ආගමික හෙදියන්ට හිජාබය පැළඳ රාජකාරියට වාර්තා කිරීමට හැකි නම්, බෞද්ධාගමික හෙදියන්ගේ අනන්‍යතාවය පෙන්වීම සඳහා ඔවුන්ට ළමාසාරියෙන් සැරසී හෙද සේවයේ නිරත වීමට අවසර ලබා දිය යුතුව ඇති බව දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් සහ ජාතික සංවිධාන එකමුතුවේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිපාණන් වහන්සේ මාධ්‍යයට ප්‍රකාශයක් කළා.
උන්වහන්සේ ප්‍රකාශ කළේ, අමාත්‍ය විජිත හේරත් මහතා විසින් මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාව සමඟ පැවැති සාකච්ඡාවකදී මුස්ලිම් ජාතික හෙදියන්ට හිජාබය පැළඳ සේවය කිරීමට කිසිඳු බාධාවක් නොමැති බවට කළ ප්‍රකාශය පිළිකුල් සහගත ලෙස හෙළා දකින බවයි.
