ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වන්නේ, පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පනස්හය දෙනකුට (56) වෛද්‍යාධාර ලෙස කෝටි 13කට වැඩි මුදලක් 2005 සිට 2024 දක්වා කාලය තුළ ලබාදී ඇති බවයි.
වාර්තාවේ තවදුරටත් සඳහන් වන්නේ, මෙම මුදල් ප්‍රදානයේදී විධිමත් අයදුම්පත් භාවිතා නොකිරීම, මාසික ආදායම් සීමාවන් සහ ප්‍රාදේශීය ලේකම් වාර්තා නොසලකා හැරීම, හා වෛද්‍යාධාර සීමා අනුගමනය නොකිරීම යන කරුණු පෙන්වා දෙන බවයි.
මෙම කරුණ සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව තුළ විවිධ වාද විවාද සහ විමර්ශන ඇතිවූ අතර, එම මුදල් ලබාගත් පුද්ගලයින්ගෙන් බොහෝ දෙනෙකුගේ නම් ද ප්‍රසිද්ධියේ පළවී ඇත.
