බටහිර මුහුදේ දී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය පිටුපස ඩුබායි හි සිටින බවට පැවසෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දිනුක නැමැත්තා සිටින බවට අනාවරණ වී තිබෙනවා.
එම තොරතුරු අනාවරණ වී අත්තෙර් බෝට්ටුවේ හිමිකරු ඇතුළු සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදීයි.
රුපියල් බිලියන 5කට ආසන්න වටිනාකමකින් යුත් අදාළ ධීවර යාත්‍රාවේ තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 350කට වැඩි ප්‍රමාණයක් සොයා සොයා ගැනුණා.
නොවැම්බර් මස 02වනදා එම යාත්‍රාව නාවික හමුදාව විසින් බටහිර මුහුදේ සිට දික්ඕවිට ධීවර වරයාට රැගෙන එනු ලැබුවා .
අනතුරුව බහුදින යාත්‍රාව සිය භාරයටගත් නාවික හමුදා නිලධාරින් යාත්‍රාවේ සිටි සැකකරුවන් 6 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවේ .
මේ අතර, විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසු ගත වූ දින දෙක තුළ සිදු කළ වැටලීම්වලදී සැකකරුවන් 2000 ඉක්ම වූ පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා .
