Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දියවඩන නිළමේ අවසන් සටනට තිදෙනෙක්

1 year ago

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තෝරා පත්කර ගැනීමේ රැස්වීමේ ඡන්ද විමසීම මහනුවර සෙංකඩගල බෞද්ධ මන්දිරයේ දී අද (07) පස්වරු 2.30ට ආරම්භ වුණා.

මේ වනවිට ඡන්ද විමසීම පැවැත්වෙන අතර  අවසාන වශයෙන් තරඟයට ඉදිරිපත්ව සිටින්නේ ප්‍රදිප් නිලංග දෑල, දමින්ද උඩුරාවණ හා එස්. බණ්ඩාරනායක යන අය පමණි.

කලින් අපේක්ෂකත්වය ප්‍රසිද්ධ කර තිබූ මහචාර්ය තිලක් සුබසිංහ, නන්ද මඬුගල්ලේ ගාමිණි කළුහෙන්දිවෙල, රොෂාන් ප්‍රියදර්ශන යන අයගේ නම් යෝජනා කරන්නට කිසිවකුත් ඉදිරිපත් නොවීම නිසා ඡන්ද විමසීම ආරම්භ වීමට පෙර ඔවුන්ට රැස්වීම් ශාලාවෙන් පිටවීමට සිදුවුණා.