Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ සිසුන්ට බහුවර්ණ ප්‍රශ්න පත්‍රය ගැන දැනුම්දීමක්

1 year ago

අයැ­දු­ම්ක­රු­වන් 340521 දෙනකු පෙනී සිටින 2025 අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර (උසස් පෙළ) විභා­ගය රට පුරා මධ්‍ය­ස්ථාන 2362කදී අදින් (10) ආරම්භ වනවා.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ උසස් පෙළ විභාගය අද  (10) සිට ලබන දෙසැම්බර් 05වෙනිදා දක්වා පැවැත්වෙන බවයි.

විභා­ගය ආරම්භ වීමට නිය­මිත වේලා­වට පැය­කට පෙර සිය­ලුම අයැ­දු­ම්ක­රු­වන් තමන්ගේ විභාග මධ්‍ය­ස්ථා­න­යට පැමි­ණිය යුතු යැයි විභාග කොම­සා­රිස් ජන­රාල් ඉන්දිකා කුමාරි ලිය­නගේ මහ­ත්මිය විභාග දෙපා­ර්ත­මේ­න්තු­වේදී ඊයේ (09) සවස පැවති මධ්‍ය හමු­ව­කදී ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල්වරිය,

“විශේෂ කරුණක් තිබෙනවා.. බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට උත්තර සපයද්දි උත්තර ලකුණු කරනවා බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ. අපි පිළිතුරු පත්‍රය විදියට භාර ගන්නේ අපි ලබාදෙන පිළිතුරු පත්‍රයේ සටහන් කරන පිළිතුරු පත්‍රය පමණයි. ඒ නිසා අපේක්ෂකයන් වෙලාව කළමනාකරණය කරගෙන නිවැරදි පිළිතුරු පත්‍රයේ සටහන් කරන්න ඕනේ.”