Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති පැල් රකිමින් සිටියදී ජීවිතක්ෂයට

12 months ago

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංගික ප්‍රගාත් ධර්මදාස හෙවත් රංග ධර්මදාස (34) ඊයේ (21) රාත්‍රියේදී සිය කුඹුරේ පැල් රකිමින් සිටියදී ඇතිවූ හදීසි අසනීප තත්ත්වයකින් මිය‍ගොස් ඇතැයි ගෝමරන්කඩවල පොලිසිය පවසනවා.

ඔහු ගෝමරංකඩවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බවද වාර්තා වෙනවා.

ඔහු, ඊයේ (20) රාත්‍රී සිය කුඹුරේ පැල් රැකීමට ගොස් සිට ඇති අතර, එහිදී ඔහුගේ මව ඔහුගේ අද (21) පාන්දර ඔහුට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවත් එහිදී ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් ඔහු ‍පිළිබද සොයා බැලිමේදී සිහිසුන්ව සිට ඇති බවට කරුණු හෙළිව ඇතැයි පොලිසිය පවසනවා.

රංග ධර්මදාස කාලයක සිට හෘද රෝගයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ලබමින් සිටින අයකු බවටද වාර්තා වෙනවා.

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාව සඳහා පසුගිය පළාත් පාලන මැතිවරණයට ජාතික ජනබල වේගයෙන් ගල්කඩවල කොට්ඨාසයට තරග වැදුණු ඔහු, එහිදී ජයග්‍රහණය කර ප්‍රාදේශීය සභාවට තේරී පත්වීමෙන් පසුව එම සභාවේ සභාපතිවරයා වශයෙන් පත්විණි.

අභාවප්‍රාප්ත රංග ධර්මදාස ගෝමරංකඩවල තිරප්පනේ පදිංචිකරුවකු වන අතර රජරට විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධිධරයෙක්.

ඔහුගේ පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය ත්‍රිකුණාමලය මහ රෝහලට රැගෙන ඒමට නියමිතයි.