Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කඩුගන්නාවේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට

12 months ago

මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.

සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු මේ වනවිට මුදාගෙන මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක් මතට අද (22) උදෑසන මෙම පස් කඳු කඩා වැටීම සිදුව තිබුණි.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වී ඇත.

මෙම අනතුරින් එම වෙළඳසැලෙහි සිටි කිහිප දෙනෙකු සුන්බුන් තුළ සිරවී සිට ඇති අතර ඔවුන්ව කඩිනමින් රෝහල්ගත කර තිබේ.