Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුරාවිද්‍යා බෝඩ් ගැලවූ අයට වැඩ වරදී

12 months ago

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන කිහිපයක දිශා පුවරු ඉවත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බවත් ඉදිරියේදී අධිකරණ තීන්දුව අනුව අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

අද පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්න වාරය අතරතුර ස්ථාවර නියෝගවලට අනුව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන බව ප්‍රකාශයක් සිදුකරමින් බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි ඊයේ සඳහන් කළා.

මෙරට පුරාවිද්‍යා ස්ථාන දැකගැනීමට පැමිණෙන සංචාරකයින්ගේ පහසුව උදෙසා එම පුරාවිද්‍යා ස්ථාන පෙන්වන දිශා පුවරු සටහන් කිරීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව මඩකලපුව දිස්ත්‍රික්කයේද එම පුවරු සවිකිරීම ආරම්භ කර තිබුණේ පසුගිය 03 වනදා සිටයි.

කෙසේ වෙතත්, වාලච්චේන ප්‍රාදේශීය සභාව මගින් එම පුවරු ගලවා ඉවත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වුණේ සිය ප්‍රාදේශීය සභාවේ අනුමැතියකින් තොරව එම පුවරු සවිකර ඇති බව පවසමින්.