Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඇඹිලිපිටිය මහාධිකරණයෙන් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු දස දෙනෙකුට මරණ දඬුවම පමුණුවයි

12 months ago

2011 වසරේදී ඇඹිලිපිටිය, මුල්ලගස්යාය ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහාධිකරණය අද (24) තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඒ අනුව, මහාධිකරණය විසින් මෙම අපරාධයට සම්බන්ධ වූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් දස දෙනෙකු සඳහා මරණ දඬුවම නියම කර තිබේ.

අදාළ පුද්ගලයා කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව දීර්ඝ කාලයක් තිස්සේ විභාගයට ලක් වූ අතර, සියලු කරුණු සලකා බැලීමෙන් පසුව මහාධිකරණය මෙම තීන්දුව ලබා දී තිබෙනවා.