අරුණ පුවත්පතේ ප්‍රධාන කතෘ මහින්ද ඉලේපෙරුම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය (FMETU) දැඩි විරෝධය පළ කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
FMETU ලේකම් තරිඳු උඩුවරගෙදර සඳහන් කළේ, මෙම කැඳවීම විමර්ශනයක් මුවාවෙන් මාධ්‍ය බියවැද්දීමේ උත්සාහයක් බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ (IFJ) සාමාජික සංවිධානයක් ලෙස මෙවැනි ක්‍රියාවලට එරෙහිව නීතිමය සහ ජාත්‍යන්තර මට්ටමේ විරෝධතා පළ කිරීමට සූදානම් බවයි.
මෙය සම්බන්ධ වන්නේ නොවැම්බර් 19 දින ‘අරුණ’ පුවත්පතෙහි පළ වූ පුවතක් පිළිබඳවයි. එම පුවත ‘අසත්‍ය’ ලෙස ලිපියේ ශීර්ෂයේම සඳහන් කර තිබීම FMETU විසින් දැඩිව විවේචනය කර තිබේ. එම සංගමය අවධාරණය කළේ, විමර්ශනයක් ආරම්භ කිරීමට පෙර පොලීසිය විසින් පුවත අසත්‍ය ලෙස නිගමනය කිරීම විමර්ශනයේ ස්වාධීනත්වයට අභියෝගයක් බවයි.
එමෙන්ම, පැමිණිලිකරු කවුරුන්ද යන්න සඳහන් නොවීමත්, ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පුවත අසත්‍ය බව ප්‍රකාශ කළත්, විපක්ෂය පාර්ලිමේන්තුවේදී එම කරුණු තහවුරු කළ බවත් FMETU සිය ලිපිය මඟින් අවධාරණය කර තිබේ.
FMETU තවත් පෙන්වා දුන්නේ, ජනමාධ්‍ය නියාමනය කිරීමට හෝ ප්රවෘත්තිවල සත්‍යභාවය තීරණය කිරීමට CIDට බලයක් නොමැති බවයි.
