අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පළවන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂණය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) භාරදී ඇත.
අද (25) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින් ජයතිස්ස මහතා මේ බව ප්‍රකාශ කළ අතර, ලද තොරතුරු මත පදනම්ව පරීක්ෂණය සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිව තිබේ. විභාගයට පෙර අනුමාන ප්‍රශ්න ලබාදීම හේතුවෙන් ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට චෝදනා එල්ල වී ඇත.
ඒ පිළිබඳව ගුරු වෘත්තීය සමිති කිහිපයක්ද මාධ්‍ය වෙත අදහස් පළ කර තිබේ.
මේ අතර අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් පැවසුවේ මෙවැන්නකි.
“මේ සැරේ උසස් පෙළ විභාගයේ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයට අදාළව නුගේගොඩ අධ්‍යාපන ආයතනයකින් ප්‍රශ්න පත්‍රයක් දීලා තියෙනවා ළමයින්ට… උසස් පෙළ විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ තිබූ ප්‍රශ්න 50න් 27කටම සමාන ප්‍රශ්න උපකාරක පන්තියේදී දීපු අනුමාන ප්‍රශ්න පත්‍රයේ තිබිලා තියෙනවා… දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දහයෙන් ප්‍රශ්න පහක්ම ඒ විදිහටම තිබිලා තියෙනවා…
මම දැන් රජයේ ප්‍රශ්න පත්‍රය හා උපකාරක පන්තියේ අනුමාන ප්‍රශ්න පත්‍රය යන දෙකම සභාගත කරනවා.. මෙහෙම ගියොත් සැමට සමාන අධ්‍යාපනය වෙන්නේ නෑනේ..”
