Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සංගීත් විජේසූරියගේ ඉල්ලීමට ජනපත්ගෙන් ක්ෂණික ප්‍රතිචාරයක්

12 months ago

විෂ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේදී ඒවාට ඇබ්බැහි වූවන්ගේ පුනරුත්ථාපනයටද වැඩි අවධානය යොමු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවන සැසිය අද (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ අවස්ථාවේදීය.

එහිදී අවධානය යොමු කර ඇති ප්‍රධාන කරුණු පහත පරිදිය.

1) පුනරුත්ථාපනය පිළිබඳව සමාජයේ විවිධ අදහස් එකතු කර විද්‍යාත්මක ක්‍රමවේදයක් සකස් කිරීම.

2) පුනරුත්ථාපන කටයුතු සඳහා පුහුණු මානව සම්පතක් ගොඩනගා ගැනීමට අවධානය යොමු කිරීම.

3) අත්අඩංගුවට ගත් විෂ මත්ද්‍රව්‍ය ඒ අවස්ථාවේදීම විනාශ කළ හැකි නව නීති කෙටුම්පතක් මාර්තු මාසය වන විට සම්පාදනය කිරීමට අධිකරණ අමාත්‍යාංශයට මෙම සාකච්ඡාව අතරතුරදී උපදෙස් දී ඇත.

4) විෂ මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් විට, මහේස්ත්‍රාත්වරයා සහ රස පරීක්ෂකවරයා කැඳවා පරීක්ෂණය සහ සාම්පල ලබා ගැනීමෙන් පසු විනාශ කිරීමේ නීති සකස් කිරීමට නියමිතය.

5) එමෙන්ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු තනතුරු ස්ථිර සහ තාවකාලික පදනමින් බඳවා ගැනීමට කඩිනම් කටයුතු සිදු කිරීමට උපදෙස් දී ඇත.

මේ අතර ‘ඉවත් වෙනු – රටම එකට’ වැඩසටහන පිළිබඳව දෙසැම්බර් 06–07 දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.