Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තීරණාත්මක තීරයක් ගැනීමට වෛද්‍යවරුන් රැස්වෙයි

12 months ago

වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ ගැටලු විසඳීම සඳහා රජයට ලබාදුන් පැය 48ක කාලය ඊයේ (25) අවසන් වූ බැවින්, අද (26) මධ්‍යම කාරක සභාව රැස්වී වෘත්තීය ක්‍රියාමාර්ග දැඩිකිරීම පිළිබඳ අවසන් තීරණය ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, පැය 48ක කාලයක් ලබා දෙමින් ඉල්ලීම් සම්බන්ධයෙන් අවසන් නිවේදනයක්ද රජයට ලබාදුන් බවයි.

මෙවර අය-වැයෙන් වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය පද්ධතියේ සැබෑ ගැටලු නොසලකා හැරීම නිසා, නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගතය පිළිබඳ දැඩි අවිනිශ්චිතභාවයක් මතුව ඇති බව සංගමය අවධාරණය කළේය.

ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය ඇමැති ඇතුළු වගකිවයුත්තන් විසින් නිශ්චිත කාලරාමුවක් සහිත විසඳුම් මාලාවක් ඉදිරිපත් කර වර්තමාන ගැටලුකාරී තත්ත්වය විසඳනු ඇති බවට සිය සංගමය විශ්වාසයෙන් පසුවූ බවද ඔහු සඳහන් කළේය.