Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කලා වැවේ පාලම මත සිරවී තිබෙන බස් රථය ජලයෙන් පිරෙයි

12 months ago

මගීන් 70ක් සමඟ කලා වැවේ පාලම මත සිරවූ බස් රථය තුළ සිටින මගීන්ගේ ඉනවටක් ජලය පිරී ඇතැයි අනාවරණය වේ.

එහි සිටින මගියෙකු දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනකට සම්බන්ධ වෙමින් පවසා සිටියේ, නාවික හමුදා බෝට්ටුවක් මගින් මේ වනවිට පුද්ගලයින් 6 දෙනෙකු මුදාගත් බවය.

“කිසිම කෙනෙක් ආවේ නෑ…පැය එක හමාරක් හැමතැනටම කතා කරා”

අනුරාධපුර පුත්තලම පාරේ කලාවැව පාලම උඩ මගීන් 70 දෙනෙකු සමග බස් රථයක් නතර වී තිබේ.

පැය එකහමාරක කාලයක සිට මෙම බස් රථය අදාළ ස්ථානයේ පවතින බව අද (28) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.