හෙට (29) රාත්‍රියේ හෝ ඊට පසුව කොළඹ නගරයට මහා ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තෙමන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් අජිත් ගුණසේකර පවසනවා.
කොළඹ නගරයට බලපාන මෙම ගංවතුර තත්තත්ව 2016 වසරේ ඇති වූ මහා ගංවතුර තත්තත්වයට වඩා දරුණු විය හැකි බවයි අධ්යක්ෂ ජෙනරාල්වරයා මෙහිදී අනතුරු අඟවා සිටියේ.
දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය පිළිබඳව ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේ දී මේ වන විට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේ දී ඔහු මෙම අදහස් පළකළා.
