Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක්

12 months ago

කැලණි ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළ යෑම සිදුවන බැවින් අඹතලේ ගංවතුර පාලන වේල්ල පිටාර ගැලීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා විසින් ආපදා කලමණාකරන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත මේ බව දන්වා ඇත.

මේ හේතුවෙන් වේල්ල සහ මාලඹේ – කඩුවෙල ප්‍රධාන මාර්ගය අසල පහත්බිම්වල ජනතාව කඩිනමින් සුදුසු ආරක්ෂිත ස්ථාන කරා පිටත්වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.