Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාවිල්ආරු ජලාශය ආසන්නයෙන් ජනතාව ඉවත් කෙරේ! වැව් බැම්ම බිඳී යාම ගැන නිළධාරීන්ගෙන් පරස්පර කතා!

12 months ago

මාවිල්ආරු ජලාශයේ වැව් බැම්ම මතින් ජලය පිටාර යෑම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල ජීවත් වන ජනතාව ඉවත් කිරීමට වහාම පියවර ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්ත ලාල් මහතා පවසයි.

කෙසේ වෙතත් තවමත් බැම්මේ බිඳී යෑමක් සිදුව නොමැති බව ද ආණ්ඩුකාරවරයා අවධාරණය කරයි.

එනිසා ඒ සම්බන්ධයෙන් පැතිර යන සාවද්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත්  ආරක්ෂක අංශ සම්බන්ධීකරණයෙන් යුතුව අදාළ කටයුතු සිදුකරන ලෙසත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත් මීට සුළු මොහොතකට පෙර ‘සිරස’ රූපවාහිනී නාලිකාව වෙත අදහස් දක්වමින් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මාවිල්ආරු ජලාශයේ වැව් බැම්ම බිඳීමකට ලක්ව ඇති බවයි.