Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් වැදගත් දැනුම්දීමක්

12 months ago

ගංවතුර උවදුර සම්බන්ධව වාරිමාර්ග දෙපාර්තමේන්තුව මගින් ලබා දෙන ප්‍රකාශ පිළිබඳ නිරන්තර අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

අධික වැසි තත්ත්වය පහව ගියද තවදුරටත්, මධ්‍යම කඳුකරයේ විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ලැබුණු ජලය ටිකෙන් ටික පහළට ගමන් කරන බැවින් මෙම ගංවතුර අවදානම මතු වී තිබෙන්නේ යැයි ද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මේ වන විට දිවයිනේ සෑම ස්ථානයකම පස් තෙත්වී ඇති බැවින්, සමහර අවස්ථාවලදී නායයෑම් උවදුරු ඇතිවීමේ හැකියාවන් පවතින බැවින් නිවෙස් කරා යාමේදී ඒ පිළිබඳ අවධානයෙන් පසු වීමේ වැදගත්කමද අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.