වෙන්නප්පුවේදී ආපදා සහන සහ ගලවා ගැනීමේ මෙහෙයුම්වල යෙදී සිටිය දී අනතුරට ලක් වූ බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිට ඇත්තේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් පමණක් බව ගුවන් හමුදාව පවසනවා.
ඒ අනුව ඔවුන් කඩිනමින් මුදා ගෙන මේ වන විට රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ.
ආපදා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා එක්ව සිටි ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශයේදී අද පස්වරුවේ අනතුරට පත්වී තිබුණා.
