පෙරේදා (30) රාත්‍රියේ කොත්මලේ ජලාශයේ වේල්ල පුපුරා යන බවට අසත්‍ය පුවත ප්‍රචාරය කරමින් ජනතාව නොසන්සුන් කිරිමක් සිදුකලේ කවුරුන්ද යන්න සොයා බලන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතාට උපදෙස් ලබා දි තිබෙනවා.
ඊයේ (01) දිනයේ පළාත් ආණ්ඩුකාරවරුන් සමඟ පැවති ZOOM සාකච්ඡාවේදී ජනපතිවරයා මේ බව පවසා සිටියා.
එහිදි ජනපතිවරයා පවසා සිටියේ මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට හා බුද්ධි අංශ වෙත මෙම කටකතාව ප්‍රචාරය කලේ කවුරුන්ද යන්න වහාම සොයා බලන ලෙස දැනුම් දුන් බවයි.
කොත්මලේ ජලාශයේ සයිලන්ට් එකක් නාද විම සම්බන්ධ වැරදි ප්‍රචාරයක් සිදුව තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් සොය බලන ලෙස මධ්‍ය පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කල බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කළා.
