Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

බොරු ප්‍රචාරය කළ 57කට වැඩ වරදින ලකුණු

12 months ago

තහවුරු නොකරන ලද අසත්‍ය ප්‍රචාර පතුරුවන පුද්ගලයින්ට එ‍‍රෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර්  මහතා පවසනවා.

ඒ අනුව, එවැනි ව්‍යාජ ප්‍රචාර 57 ක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකය හරහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (03)  මේ බව කියා සිටියා.

හදිසි නීති රෙගුලාසි, නීතිමය විධිවිධාන සහ බලතල අඩංගු ජනාධිපතිවරයාගේ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව, ඕනෑම ආකාරයකින් මහජන බිය ඇති කළ හැකි හෝ නොසන්සුන්තාවයක් ඇති කළ හැකි ඕනෑම අසත්‍ය ප්‍රකාශයක් හෝ කටකතාවක් නිර්මාණය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, බෙදා හැරීම හෝ සන්නිවේදනය කිරීම බරපතල වරදක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.