Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රාජ්‍ය සේවකයින් සිය දිනක වැටුප ආපදාවට පත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කරයි

12 months ago

ඌව පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් විසින් ඔවුන්ගේ එක්දිනක වැටුප එම පළාත නැවත ගොඩනැගීමේ කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ.

ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ ඊට පළාතේ සියලු රාජ්‍ය නිලධාරීන් කැමැත්ත පළ කර ඇති බවය.

ඊට කැමැත්ත පළ කිරීමට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර ඇත.

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට දිට්වා සුළි කුණාටුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබුණි.