Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හාල් මිලට ගද්දි දැඩිව ප්‍රවේශම්වන්න! ජනතාවට අනතුරු ඇඟවීමක්!

12 months ago

ගංවතුරෙන් විනාශ වී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කූඨ ලෙස සකසා වෙළඳපොලට සැපයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව මහනුවර, හාරිස්පත්තුව ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝග්‍රෑම් 1,000ක් අළෙවි කිරීමට සූදානම් කළ සැකකරුවන් කිහිපදෙනෙකුට මෙලෙස නීතිය ක්‍රියාත්මක කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ දිනවල තමන් මිලදී ගන්නා සහල් පිළිබඳ දැඩි විමසිල්ලෙන් කටයුතු කළ යුතු බවය.

කෙසේවෙතත් මෙවැනි නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දැනුම් දෙන ලෙස ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවට දැනුම් දී ඇත.