අත්‍යවශ්‍ය අවස්ථාවේදී ශ්‍රී ලංකාවට දැක්වූ සහයෝගයට ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට තම කෘතඥතාව පළ කර ඇත.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් ඇතිවූ දැඩි බලපෑමෙන් පසු, ශ්‍රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා එක්සත් ජනපදය ඩොලර් මිලියන 2ක ආධාර ලබා දී තිබේ.
එමෙන්ම, අඛණ්ඩ සහන කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් එක්සත් ජනපදය C-130J සුපර් හර්කියුලිස් ගුවන් යානා දෙකක්ද කඩිනමින් එවන ලදි.
මෙම ගුවන් යානා යොදවීම සහ ඩොලර් මිලියන 2ක හදිසි ආධාර ලබා දීම, දෙරට අතර පවතින දිගුකාලීන සබඳතාවයේ ශක්තිය සහ ගැඹුර පිළිබිඹු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
