Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් පාසල් යළි නඟා සිටුවීම වෙනුවෙන් සිය වැටුප පරිත්‍යාග කිරීමට සැරසෙයි

11 months ago

ආපදාවෙන් හානියට පත් පාසල් යළි නගා සිටුවීමට ජනවාරි මාසයේ දිනක වැටුප පරිත්‍යාග කරන්න ගුරු විදුහල්පතිවරුන් සූදානම් බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මහනුවර පැවති පාසල් පවිත්‍ර කිරීමේ වැඩසටහනකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ මහතා,

“16 පාසල් ආරම්භ වෙනවා. මුළු පාසල් පද්ධතියෙන්ම පාසල් 150කටත් අඩු ප්‍රමාණයක් තමා 16 වැනිදා ආරම්භ කිරීමට බැරි වෙන්නේ. අනෙකුත් සියලු පාසල්වල ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ග 260,000කට ආසන්න පිරිසක් සිටිනවා. ඔවුන්ගෙන් සාතිශය බහුතරයක් සූදානමින් සිටිනවා ජනවාරි මාසයේ වැටුපෙන් දිනක වැටුප පරිත්‍යාග කරන්න”