විශ්වවිද්‍යාවලට හිමිව ඇති අසීමිත නිදහස උපයෝගි කර ගනිමින් විශ්වවිද්‍යාල තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් ක්‍රියාත්මක බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම පිළිබඳ විශ්විද්‍යාල ශිෂ්‍ය නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ අදහස් පළ කළා.
විශ්වවිද්‍යාල තුළ නවක වදය සහ සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම මෙන්ම විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමත්‍යාංශයේ දී පැවැත්වුණා.
ඒ සඳහා මැති ඇමතිවරුන් මෙන්ම විශ්වවිද්‍යාල කොමිසන් සභාව යටතේ ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාල, අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති උසස් අධ්‍යාපන ආයතන සහ වෘත්තීය පුහුණු ආයතනයන්හි ශිෂ්‍ය සංගම් නියෝජිතයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
