අද (23) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව එක්වෙමින් කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී පාද අඩවිය අධි සංවේදී පාරිසරික කලාපයක් ලෙස සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත මගින් ආවරණය වන බැවින්, 2025 වසරේ සිට වන්දනාකරුවන්ට අනුගමනය කළ යුතු විශේෂ පියවර පිළිබඳවය.
ඒ අනුව,
පොලිතින් සහ ප්‍රශාරිත පොලිස්ටයිරින් භාවිතයෙන් නිෂ්පාදිත තනි භාවිත බහාලුම්, බීම බට, පිඟන්කෝප්ප, හැඳි, ගෑරුප්පු ආදිය රැගෙන යාම සහ විකිණීම සම්පූර්ණයෙන් තහනම් කෙරේ.
ලීටරයට අඩු තනි භාවිත ජල බෝතල් රැගෙන යාම තහනම් කෙරේ.
පොලිතින් ආවරණ සහ ඇසුරුම් සහිත ආහාර, ඖෂධ සහ වෙනත් භාණ්ඩ පාරිසරික කලාපය තුළ බැහැර කිරීම තහනම් කෙරේ.
කලාපය තුළ වෙළෙඳසැල් අලෙවියෙන් පසු ජනනය වන අපද්‍රව්‍ය කළමනාකරණ වගකීම අදාළ වෙළෙඳසැල් හිමියන් වෙත පැවරේ.
ජල උල්පත් හා ජල මාර්ග අපවිත්‍ර කිරීම සහ පොලිතින්/ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීම තහනම් කෙරේ.
අලෙවිසැල් ඉදිකිරීමේදී සහ පවත්වාගෙන යාමේදී එකතු වන පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය නිසි ලෙස එකතු කර කලාපයෙන් පිටතට ගෙන ගොස් නගර සභා හෝ ප්‍රාදේශීය සභා හරහා අවසන් බැහැර කිරීමේ වගකීම වෙළෙඳසැල් හිමියන් වෙත පැවරේ.
