Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන ඉඟියක්

11 months ago

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය කල් දැමුණද සැලසුම් කළ පරිදි එම විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මාසයේ මුල් භාගයේදී නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එම විභාගයේ ප්‍රතිඵල එළඹෙන සිංහල හා දෙමළ අවුරුද්දට පෙර ලබාදීමට සැලසුම් කර තිබේ.

පසුගිය නොවැම්බර් 10 වනදා ආරම්භ වූ එම විභාගය දෙසැම්බර් පළමු වනදා පැවැත්වීමට නියමිතව තිබුණි.

කෙසේවෙතත් පැවති ආපදා තත්ත්වය හමුවේ නොවැම්බර් 27 වනදා සිට එම විභාගය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගත්තේය. ඒ අනුව එම විභාගයේ ඉතිරි විෂයන් සදහා වූ විභාගය ලබන ජනවාරි 12 වනදා සිට පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ අතර 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්‍ෂා කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.