තරංගාකාර සුළං ප්‍රවාහයක් නැගෙනහිර ප්‍රදේශයේ ඇතිවීම හේතුවෙන් ලබන 29 වනදා සිට වර්ෂාපතනය ඉහළ යන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා.
ඒ අනුව උතුර, උතුරු මැද, මධ්‍යම, නැගෙනහිර සහ ඌව යන පළාත්වලට වැසි ලැබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තා උපුටා දක්වමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ මහතා පැවසුවේ මීට අදාළව නාවික හමුදා භට පිරිස්, ගුවන් යානා, සහ බෝට්ටු සූදානම් කරන ලෙස මේ වන විටත් දන්වා ඇති බවයි.
