2005 සහ 2024 අතර කාලය තුළ ජනාධිපති අරමුදලේ සිදුවූ තවත් අවභාවිතයක් පිළිබඳව ජාතික විගණන කාර්යාලය නිකුත් කර ඇති නවතම මූල්‍ය ප්රකාශනයක දැක්වෙනවා.
එමගින් පෙන්වා දී ඇත්තේ එම කාලය තුල මුදල් සීමාවන් සහ ක්‍රමවේද පිළිබඳ කිසිදු සලකා බැලීමකින් තොරව පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන් 56 දෙනෙකු වෙත රුපියල් කෝටි 13ට අධික මුදලක් වෛද්‍යාධාර ලෙස ලබාදී ඇති බවයි.
ජනාධිපති අරමුදලේ ප්‍රතිපාදන යොදා ගනිමින් මැති ඇමැතිවරුන් වෙත මුල්‍ය සහන ලබාදීමේ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය කාලයේ තොරතුරු වාර්තා වුණා.
එවැනි තත්ත්වයක් තුළ ජතික විගණන කාර්යාලය 2024 වසර සඳහා වූ මූල්‍ය ප්‍රකාශන වාර්තාවක් නිකුත් කරමින් පෙන්වාදී ඇත්තේ පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් පනස් හයදෙනකුට නීත්‍යානුකූල නොවන ආකාරයෙන් වෛද්‍යාධාර ලෙස රුපියල් කෝටි 13කට වැඩි මුදලක් ප්රදානය කිරීමට පසුගිය කාලයේ කටයුතු කර ඇති බවයි.
මූල්‍යාධාර ලබාගැනීමට අදාළ අයැදුම් පත්‍රය, මාසික ආදායම් සීමාව, ප්‍රාදේශීය ලේකම් වාර්තාව, මූල්‍ය වත්කම් සහ වෛද්‍ය ආධාර මුදල් සීමා වැනි මූලික අවශ්‍යතා හෝ සළකා බැලීමකින් තොරව එම මුදල් වෛද්‍යාධාර ලබාදීමට පියවර ගෙන ඇති බවද එහි දැක්වෙනවා.
2005 සිට 2024 දක්වා වූ කාලය තුළ සිදුව ඇති මෙම මූල්‍ය අවභාවිතාවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කර ඇති එම වාර්තාවේ දැක්වෙන්නේ 2012 සහ 2014 අතර කාලයේදී හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වෙත වෛද්‍ය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් රුපියල් දෙකෝටි අනූ අටලක්ෂ නමදහස් එකසිය හතලිස් තුනක මුදලක් ලබාදී ඇති බවයි.
එම මුදලින් රුපියල් එක්කෝටි තිස් හත් ලක්ෂය පනස් දහසකට ආසන්න මුදලක් නැවත ගෙවීමේ පදනම මත ලබාදී ඇතත්, 2025 ජූනි මාසය දක්වා අදාළ මුදල නැවත ගෙවීමට පියවර ගෙන නොමැති බවටද එම වාර්තාවේ දැක්වෙනවා.
අරමුදලේ ප්‍රතිපාදන මගින් ණය ප්රදානය කිරීමට කිසිදු ප්රතිපාදනයක් සලසා නොමැති තත්ත්වයක් තුළ හිටපු අගමැතිවරයෙකු සහ මන්ත්‍රීවරුන් පිරිසකට ණය ලබාදීමට ජනාධිපති අරමුදලේ ප්‍රතිපාදන උපයෝගී කර ගෙන ඇති බව එහි දැක්වෙන තවත් කරුණක්.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් කෝටියකට වැඩි වෛද්‍යාධාර මුදලක් ලබාදී ඇති අතර, එම මුදල නැවත අයකර ගැනීමට ද පියවර ගෙන නැහැ.
අදාළ පාර්ශ්ව අතර විධිමත් ගිවිසුමකට හෝ නොපැමිණ මෙම මූල්‍ය ගණුදෙනු සිදුකර ඇති බවයි ජාතික විගණන කාර්යාලය වැඩිදුරටත් පෙන්වාදී තිබෙන්නේ.
