Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ගුරු වර්ජනයක් පිළිබඳව අනතුරු ඇඟවීමක්

11 months ago

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට නම් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් සමඟ ප්‍රමාණාත්මක සාකච්ඡා කර නම්‍යශීලීව කටයුතු කළ යුතු බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් නිමල් මුදුන්කොටුව මහතා පවසයි.

එවැනි සාකච්ඡා නොමැතිව ජනවාරි 5 සිට පාසල් පස්වරු 2.00 දක්වා පැවැත්වීමට කටයුතු කළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවන බවද ඔහු අවධාරණය කළේය.

6 ශ්‍රේණියට අදාළ ප්‍රතිසංස්කරණ හේතුවෙන් අනෙක් ශ්‍රේණි සහ උසස් පෙළ පන්ති තුළ ගැටලු මතුව ඇති අතර, ඒවා විසඳීමට අධ්‍යාපන වෘත්තීය සමිති සහ විශේෂඥයින් සමඟ සාකච්ඡා කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

පාසල් කාලය දිගු කිරීම සහ කාලච්ඡේද මිනිත්තු 50 දක්වා වැඩි කිරීම අසාර්ථක බවද, එය වහාම හකුලා ගත යුතු බවද පැවසීය.

තවද, විෂය නිර්දේශ, මොඩියුල, කාලසටහන් අනුමැතිය සහ පැහැදිලි උපදෙස් නොමැතිව ජනවාරි 5 දා සිට ඉගැන්වීම් ආරම්භ කිරීම ගැටලුවක් බවත්, මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය වහාම පැහැදිලි පිළිතුරු ලබා දිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.