Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

අවුරුදු 20 – 30ත් අතර පසුවන ඔබේ දරුවා ගැන අවධානයෙන් පසුවෙන්න

11 months ago

අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසන්නේ මෙරට තුළ මෙතම්ෆෙටමීන් (අයිස්) මත්ද්‍රව්‍ය භාවිතය වේගයෙන් වැඩිවෙමින් පවතින බවයි.

මේ වසරේ පළමු මාස 10 තුළ පමණක් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයින් 60,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව එහි පර්යේෂණ අංශය සඳහන් කරයි.

විශේෂයෙන් කොළඹ, ගම්පහ, කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල මත්ද්‍රව්‍ය භාවිතය වැඩි ලෙස ව්‍යාප්තව ඇති අතර, හෙරොයින් හා ගංජාට වඩා අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාමක් දැක්වෙයි.

මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින්ගෙන් බහුතරය බහුවිධ මත්ද්‍රව්‍ය භාවිත කරන බවත්, අවුරුදු 20–30 අතර තරුණ පිරිස මෙම ගැටලුවට වැඩි වශයෙන් ගොදුරු වෙමින් පවතින බවත් එහි ප්‍රතිකාර හා පුනරුත්ථාපන අංශය පෙන්වා දෙයි.