අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව නිකුත් කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳ ගැටලුව මුල්කරගනිමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට විපක්ෂය තීරණය කර ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
ඊට විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් තැබීම අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ හමුවක් ඊයේ දිනයේදී ද පාර්ලිමේන්තුවේදී පැවති අතර, එහිදී විශ්වාසභංගය සම්බන්ධයෙන් අවසන් එකගතාවයකට පැමිණ ඇති බව සඳහන්.
