වත්මන් රජයේ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය පියවර ගෙන තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ දිලිත් ජයවීර මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) මෙම විශ්වාසභංග යෝජනාවට අත්සන් තැබූහ.
විශ්වාසභංගයට හේතු
විපක්ෂය චෝදනා කරන්නේ වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ ළමා මනසට නුසුදුසු කරුණු ඇතුළත් කර ඇති බවයි. විශේෂයෙන්ම:
- විෂය නිර්දේශයන්හි අඩංගු බව කියන බරපතල විෂය කරුණු වැරදි.
- ළමා මනසට හානිකර විය හැකි අන්තර්ගතයන් සම්බන්ධයෙන් නිසි පියවර නොගැනීම.
- අධ්‍යාපන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලුවලට විධිමත් විසඳුම් ලබාදීමට අපොහොසත් වීම.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මෙම අත්සන් තැබීම සිදු විය. විශ්වාසභංග යෝජනාවට ප්‍රථමයෙන්ම අත්සන් තබනු ලැබුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසිනි. ඉන් අනතුරුව සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුම මෙයට අත්සන් තබා ඇත.
මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරි පාර්ලිමේන්තු දිනවලදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ.
