මෙරට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් බෙදා හැරීමේ කටයුතු එළඹෙන ජනවාරි 15 වැනිදා සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ, ජනවාරි 15 වැනිදා ආරම්භ වන මෙම බෙදා හැරීමේ කටයුතු පෙබරවාරි 15 වැනිදා දක්වා අඛණ්ඩව සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි. මේ සඳහා අවශ්‍ය සියලුම නිල ඇඳුම් තොග මේ වන විටත් දිවයිනට ලැබී ඇති බවද ලේකම්වරයා තහවුරු කළේය.
මේ අතර, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල්වල පළමු ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සහ පන්ති ආරම්භ කිරීම සම්බන්ධයෙන්ද කාලසටහනක් ප්‍රකාශයට පත් කර තිබේ.
මේ අතර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව පාසල්වල පළමු ශ්‍රේණිය පන්ති ආරම්භය ලබන 29 වැනිදා සිදු කෙරේ.
නිල ඇඳුම් බෙදා දීම නියමිත කාලසීමාව තුළ අවසන් කර, නව අධ්‍යයන වර්ෂයේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම රජයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
