Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මතුගම සභාපතිට ඇප

10 months ago

මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට එම්. එන්. එම්. නානායක්කාර අද (08) නියෝග කළා.

මෙලෙස ඇප මත මුදා හැරුණේ මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් මුණසිංහයි.

සැකකාර ප්‍රාදේශීය සභා සභාපතිවරයා මෙම සිද්ධියට අදාලව ඉකුත් (31) වැනිදා මතුගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලය වෙත ඉදිරිපත්වි ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු (08) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණයෙන් නියෝග නික්තු කළා.

ඒ අනුව, අද පෙරවරුවේ බන්ධනාගාරය මගින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥවරුන්ට සැකකරු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසට ඉල්ලා සිටියා.

ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් වන සිද්ධියකට උරණ වී සභාපතිවරයා තමන්ට පහරදුන් බව කියමින් මතුගම ප්‍රාදේශීය සභාවේ ලේකම්නෙළු නිශාන්ති ඉද්දගොඩ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බවයි පොලිසිය අධිකරණයට දැනුම් දී තිබුණේ.

සමගි ජනබලවේගයට බලය හිමි මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉකුත් (20) උදෑසන එම සභාවේ ලේකම්වරිය රැදී සිටි නිල කාමරයට ගොස් සභාවේ ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඇති වූ කතාබහකදී මෙම බහින්බස් වීම සිදුව තිබුණා.