අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඔහුගේ පුතුන් දෙදෙනා ද හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ද මහර බන්ධනාගාරයේ සාමාන්‍ය සිර වාට්ටුවක් වන ‘ඩී’ වාට්ටුවට යොමු කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා කියා සිටී.
“ඩග්ලස් හා ජොනී පවුලම බන්ධනාගාර රෝහලේ” යනුවෙන් පළවූ ආන්දෝලනාත්මක පුවතත් සමඟ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිශාන් ධනසිංහ මහතා “දිනමිණ” පුවත්පතට පවසා ඇත්තේ, හිටපු අමාත්‍යවරුන් දෙදෙනා සහ ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ පුතුන් දෙදෙනා මහර බන්ධනාර රෝහලේ තිබෙන සිරකරුවන් ඇතුළත් කිරීමේ සාමාන්‍ය සිරවාට්ටු වන 7 සහ 8 සිරවාට්ටුවල මෙයට පෙර රඳවා සිටි බවයි.
එම වාට්ටු දෙක බන්ධනාගාර රෝහලට යොමු කරන සිරකරුවන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන වාට්ටු නොව සාමාන්‍ය සිරකරුවන් රඳවා තබන සිරවාට්ටු බව ද ධනසිංහ මහතා පැහැදිළි කිරීමක් සිදුකර තිබේ.
හිටපු අමාත්‍යවරුන්ට හෝ එම පුතුන් දෙදෙනාට මේ වාට්ටු තුළ කිසිදු විශේෂ වරප්‍රසාද හිමිවී නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.
ඔවුන් මෙම සිරවාට්ටුවල කෙටි කලක් රඳවා තැබීමට සිදු වූයේ මහර බන්ධනාගාරයේ පවතින අධික තදබදය නිසා බවත් මේ තත්වය මඟහරවාගෙන කඩිනමින්ම ඔවුන් ‘ඩී’ වාට්ටුව වෙත යොමු කළ බවත් ඒ මහතා පවසා ඇත.
පසුගිය 05 වැනිදා ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ එක් පුතකු අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරනු ලැබූ අතර තවත් පුතකු පසුගිය 04 වැනිදා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
ඔවුන් තිදෙනාම මහර බන්ධනාගාරය වෙත යොමු කළ අතර ඒම බන්ධනාගාරයේ වෛද්‍යවරයා වෙත යොමු කර සිරවාට්ටුවලට මෙසේ යොමු කර ඇත.
