Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

EPF සහ ETF වෙනුවට විශ්‍රාම වැටුපක් ?

10 months ago

සේවකයන් විශ්‍රාම ගන්නා විට එකවර ගෙවන සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් වෙනුවට විශ්‍රාම වැටුපක් ගෙවීමට රජය සුදානම් වන බවට ඇතැමුන් ගෙන යන ප්‍රචාර අසත්‍ය බව අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.

පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සේවක අර්ථසාධක අරමුදලේ තිබෙන මුදල් භාවිතය පිළිබඳ මතු කරන ලද ප්‍රශ්නයකට ලබා දුන්නු පිළිතුර වැරදි විදියට භාවිතා කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදල් විශ්‍රාම ගිය පසු ලබා ගැනීමට හැකි අතර ඒ සඳහා කිසිදු බාධාවක් නොමැති බවද අමාත්‍යවරයා පැවසුවා.

එමෙන්ම සේවක අර්ථසාධක අරමුදල් සහ සේවක භාරකාර අරමුදලෙන් 30%ක් පමණ හදිසි අවස්ථාවකකදී ලබා ගැනීමටද හැකි වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.