දෙවැනි සහ තෙවැනි පාසල් වාරවලට අදාළ මොඩියුල පිළියෙළ කිරීමේදී, මින් ඉදිරියට කිසිදු ශ්‍රේණියකට වෙබ් සබැඳි ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ අනුව, ජාතික අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රීය කටයුතු මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි විපක්ෂ නායකවරයා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අද (09) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළ අගමැතිවරිය සඳහන් කළේ.
දැනට මෙම මොඩියුල සඳහා ඇතුළත් කර ඇති වෙබ් අඩවි සහ අනෙකුත් මූලාශ්‍රයන්, මුදල් ගෙවීමක් අවශ්‍ය නොවන වෙබ් අඩවි හෝ රාජ්‍ය වෙබ් අඩවි වන අතර, ඒවා භාවිත කිරීමේදී විනිවිදභාවය, වගකීම සහ ප්‍රසම්පාදනය පිළිබඳ ගැටලුවක් මතු නොවන බව ද අගමැතිවරිය ප්‍රකාශ කළා.
මෙම අධ්‍යාපන කටයුතු කිරීමේදී අන්තර්ජාල භාවිතය අවශ්‍ය නොවන බවත්, එය ඉගෙනුම් ආධාරකයක් ලෙස පමණක් භාවිත කිරීමට ගුරුවරුන්ට අවකාශය සලසා දී ඇති බවත්, නව මොඩියුලයට අදාළ සියලු කරුණු ගුරු අත්පොතට ඇතුළත් කර ඇති බැවින්, අන්තර්ජාල යෙදවුම් භාවිතයෙන් තොරව කටයුතු සිදු කිරීමට ගුරුවරයාට හැකියාව ඇති බවයි අගමැතිවරිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
