කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල, පල්පාත ප්‍රදේශයේදී අද (09) සවස බස්රථ දෙකක් හා ලොරි රථයක් ගැටී මාරක අනතුරක් සිදුව තිබෙනවා .
අනතුරින් ලොරි රථයේ රිය සහායකයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි සඳහන් වන්නේ .
ලොරි රථයේ ගමන් ගත් තවත් පුද්ගලයෙකු සහ බස්රථ දෙකෙහි ගමන් ගත් මගීන් කිහිපදෙනෙකු තුවාල ලබා කෑගල්ල සහ මාවනැල්ල රෝහල් වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා .
නුවර දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථය තිරිංග ක්‍රියාවිරහිත වීම නිසා උතුවන්කන්ද පල්ලමේ ධාවනය වෙමින් තිබියදී ඉදිරිපසින් ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පිටිපසින් වැදී තිබෙනවා .
ලොරි රථය ලංගම බස් රථයේ ගැටීමත් සමගම ඉදිරියෙන් ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක ලංගම බස් රථය වැදී තිබෙනවා .
මෙහිදී පූඩළුඔය සිට කොළඹ බලා ධාවනය වූ බස්රථයේ සිටි මගීන් කිහිපදෙනකු මෙලෙස තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ
