කඩවත – මීරීගම අධිවේගී මාර්ග කොටසේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය අද සිට සීමා කරන බව පොලිසිය පවසයි.
ඒ අනුව කඩවත, බණ්ඩාරවත්ත පුවක්පිටිය ප්‍රදේශයෙන් මාර්ගයේ එක් මංතීරුවක් මෙලෙස වසා තැබෙනු ඇත.
මාර්ගය වසා තැබෙන කාලසීමාව
මධ්‍යම අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු පද්ධතියේ ඉදිකිරීම් කටයුතු සඳහා මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වන අතර, එය මාර්තු මස 15 වනදා දක්වා ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
රියදුරන් සඳහා විකල්ප මාර්ග
මාර්ගය වසා තැබීම හේතුවෙන් ඇතිවිය හැකි රථවාහන තදබදය මගහරවා ගැනීම සඳහා පහත විකල්ප මාර්ගය භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි:
කඩවත නගර මධ්‍යයේ ආලෝක සංඥා මංසන්ධියේ සිට අධිවේගී පිවිසුම් මාර්ගය ඔස්සේ ඇල්දෙණිය ආලෝක සංඥා මංසන්ධිය දක්වා වූ මාර්ගය.
ඉදිකිරීම් කටයුතු සිදුවන කාලසීමාව තුළ ඇතිවිය හැකි අපහසුතාවයන් මගහරවා ගැනීම සඳහා පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙස රියදුරන්ට දැනුම් දෙනු ලැබේ.
