Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සෞඛ්‍ය අංශ වෙතින් ජනතාවට අනතුරු ඇඟවීමක්

10 months ago

වෛරස් රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය කේ.වී.සී. ජානක පැවසුවේ, ඉන්ෆ්ලුවන්සා A හා B මෙන්ම ඉන්ෆ්ලුවන්සා නොවන වෛරස් රෝගවල ව්‍යාප්තිය ද හදුනාගෙන ඇති බවයි.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ චිකුන්ගුන්‍යා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තා වන බව, කායික රෝග විශේෂඥ කේ.වී.සී ජානක සඳහන් කළේය.

වසරේ ගතවූ දින 09 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව, 2170 කි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 41 ක ඩෙංගු අවධානම් තත්ත්වයක් පවතින බවයි.