බදුල්ල දිස්ත්රික් කම්කරු කාර්යාල පරිශ්රය තුළ බෝම්බයක් ඇති බවට ලැබුණු විද්යුත් තැපැල් (Email) පණිවුඩයක් හේතුවෙන් එම කාර්යාල පරිශ්රයේ අද (14) උදෑසන දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
අද උදෑසන 9.24 ට පමණ බදුල්ල දිස්ත්රික් කම්කරු කාර්යාලයේ නිල විද්යුත් ලිපිනයට පණිවුඩයක් ලැබී ඇති අතර, එහි සඳහන්ව ඇත්තේ කාර්යාල පරිශ්රය තුළ බෝම්බයක් ඇති බැවින් වහාම එහි සිටින පිරිස් ඉවත් කරන ලෙසයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ බදුල්ල දිස්ත්රික් සහකාර කම්කරු කොමසාරිස් සුජාතා කුමාරි මහත්මිය සඳහන් කළේ, අදාළ තර්ජනාත්මක පණිවුඩය ලැබුණු සැණින් ක්රියාත්මක වී කාර්යාලයේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගත් බවයි.
ඒ අනුව මේ පිළිබඳව බදුල්ල මූලස්ථාන පොලිස් ස්ථානය හා කම්කරු දෙපාර්තමේන්තුවේ කොළඹ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කළ බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
